කටාර් රාජ්‍යයේ යුද්ධයක් ආරම්භ වීමේ අනතුරක්

(කොළඹ, ලංකාපුවත්) – කටාර් රාජ්‍යයේ හා සෙසු ගල්ෆ් කලාපයේ රාජ්‍යයන් අතර ඇතිවී තිබෙන අර්බුදය යුද්ධයක් බවට පෙරලීමේ අනතුරක් ඇති බව ජර්මනිය පෙන්වා දෙයි.

පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් ජර්මන් විදේශ අමාත්‍ය සිග්මාර් ගේබි‍්‍රයල් පවසා ඇත්තේ ගල්ෆ් රටවල් එකිනෙකා සමග ගණු දෙනු කරන ආකාරය ඉතා රළු මෙන්ම අමිහිරි ස්වභාවයක් ගෙන ඇති බවය.

ඔහු මෙම අදහස් පළ කළේ ගල්ෆ් අර්බුදයට සම්බන්ධ සියලූ රටවල් සමග ඉකුත් සතිය පුරා සිදු කළ සාකච්ඡාවකින් අනතුරුවය.

මේ අතර ඉකුත්දා පැවති පාපන්දු තරගයක් අතරතුර ලන්ඩනයට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් සිදු කළ නිහඩතාවකට සෞදි අරාබිය එක් නොවීම පිළිබඳ දැඩි කථා බහක් ඇති විය.

ඔස්ටේ‍්‍රලියාව එම නිහඩතාවට එක්වද්දී එක් සෞදි ක‍්‍රීඩකයෙකු පමණක් ඊට එක්වීම ලොව පුරා ඇති කළේ උණුසුම් සංවාදයකි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සමාව අයදින බව සෞදි පාපන්දු ප‍්‍රධානියා පසුව ප‍්‍රකාශ කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *