(කොළඹ, ලංකාපුවත්) – අයි සී සී ශූරයින්ගේ කුසලාන ක්රිකට් තරඟාවලියේ ශ්රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර අද (12) කාඩිෆ්හිදි පැවත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත් විය.
ඒ අනුව මුලින්ම පන්දුවට පහරදීමට ශ්රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර පකිස්ථානු කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
ශ්රී ලංකා කණ්ඩායම මේවන විට ප්රසාද ලකුණු සටහනේ 03 වන ස්ථානයේ රැඳී සිටින අතර පාකිස්තාන කණ්ඩායම රැඳී සිටින්නේ සිව් වන ස්ථානයේය.
අද(12) දිනයේ තරගය ජයග්රහණය කරන කණ්ඩායමට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට හැකියාව ලැබේ.