කොංගෝ හි බන්ධනාගාරයකට ප්‍රහාරයක් – සිරකරුවන් 900ක් පලා යයි

(කොළඹ, ලංකාපුවත්) – කොංගෝ ජනරජයේ ‘කිවූ’ හි බන්ධනාගාරයකට ප්‍රහාරයක් එල්ල කර එහි සිටි සිරකරුවන් 900කට අධික පිරිසක් පලා ගොස් තිබේ.

කැරලිකරුවන් විසින් එල්ල කරනු ලැබූ මෙම ප්‍රහාරයට ගොදුරු වී 11 දෙනෙකු මරණයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ප්‍රහාරය සිදු වූ ‘කිවූ’ ප්‍රදේශයේ ආණ්ඩුකාර ජුලියන් පාලුකු පවසා ඇත්තේ බන්ධනාගාරයට පහර දීම සඳහා කැරලිකරුවන් බර අවි යොදාගෙන ඇති බවය.

මිය ගිය අයගෙන් අට දෙනෙකු බන්ධනාගාර නියාමකවරුන් බව වාර්තා වේ. මේ වනවිට ප්‍රදේශය පුරා ඇඳිරි නීතිය පනවා තිබේ.

ප්‍රහාරය සිදුකරනු ලැබ ඇති කැරලි කණ්ඩායම පිළිබඳව තොරතුරු තවම හෙළිවී නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *