ගංවතුර හා නායයෑම්වලින් තවමත් 77ක් අතුරුදහන්

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය මාසයේ ඇති වූ ගංවතුර හා නාය අනතුරු හේතුවෙන් තවමත් පුද්ගලයින් 77දෙනෙකු අතුරුදහන් බව ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

එම මධ්‍යස්ථානය අද(13) දහවල් නිකුත් කළ නවතම තත්ව වාර්තාවට අනුව දිස්ත්‍රික්ක 15ක් තුළ ආපදා හේතුවෙන් පුද්ගල මරණ 2013ක් තහවුරු වූ බවය.

එසේම කළුතර, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල පිළිවෙලින් පුද්ගලයින් 48,14 සහ 15දෙනෙකු අතුරුදහන්ව ඇත.

එම වාර්තාවට අනුව පවුල් 1,849 කට අයත් පුද්ගලයින් 6,249 දෙනෙකු තවමත් ආරක්ෂිත ස්ථාන 96 ක රඳවා ඇත. මෙයින් වැඩිම පිරිසක් සිටින්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ වන අතර එම සංඛ්‍යාව 4,163කි.

ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 3,123ක් මුළුමණින්ම විනාශ වී ඇති අතර තවත් නිවාස 20,133කට අර්ධ වශයෙන් හානි සිදුව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *