තෙරේසා මේ පක්ෂයෙන් සමාව අයදියි

(කොළඹ, ලංකාපුවත්) – කොන්සර්වේටිව් පක්ෂය සතුව එතෙක් පැවති පාර්ලිමේන්තු බහුතර බලය පසුගිය බ්‍රහස්පතින්දා (08)පැවැත්වුන බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ දී අහිමි කර ගැනීම සම්බන්ධයෙන් අගමැතිනි තෙරේසා මේ සිය පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සමාව අයැද සිට ඇත.

‘වෙස්ට්මිනිස්ටර්’ පාර්ලිමේන්තු මන්දිරයට සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් කැඳවූ අගමැතිවරිය “මේවනවිට උද්ගතව පවතින ව්‍යාකූලත්වය තමා විසින් නිර්මාණය කරන ලද බවත් එයින් ගොඩ ඒමට තමාම කටයුතු කරන” බවත් කියා සිටියාය.

පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් අමතමින් අදහස් දැක්වූ අගමැතිවරිය “ඔබට අවශ්‍ය තරම් කාලයක් මම කටයුතු කරමි” යනුවෙන් සඳහන් කළ බවක් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අතරම තම ඉදිරි වැඩ පිළිවෙළ ඇතුළත් ව්‍යවස්ථාදායක න්‍යාය පත්‍රය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීම ප්‍රමාද වීමට ඉඩකඩ ඇති බවත් පාලක කොන්සර්වේටිව් ආණ්ඩුව විසින් තහවුරු කරනු ලැබ ඇත.

බ්‍රිතාන්‍ය දේශපාලන ඉතිහාසයේ එවැනි පූර්වාදර්ශයන් දුලබය.

අගමැතිවරිය සිය මන්ත්‍රී කණ්ඩායම මුණ ගැසුණේ රාජසනයේ කතාව ප්‍රමාද විය හැකි බවට අදහස් පළ වෙමින් පවතින අතරතුර දී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *