මංතීරු නීතිය යටතේ රියදුරන් 1,190කට නඩු

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ නගරය තුළ සහ කොළඹ නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ගයන්හි ක්‍රියාත්මක කළ මංතීරු නීතිය යටතේ වැරදි ලෙස ධාවනය කළ රියදුරන් 1,190 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ඊයේ(12) දිනයේ දී රථවාහන පොලිස් නිලධාරීන්ට හැකි වී ඇත.

මෙම රියදුරන් සදහා දඩ පත්‍රිකා මෙන්ම සති අන්තයේ පැවැත්වෙන රථවාහන උපදෙස් පන්ති සදහා කැදවීමට නියමිත බව පොලිසිය සදහන් කළේය.

මං තීරු නීතිය ක්‍රියාත්මක කිරීම සදහා විශේෂ කණ්ඩායම් කිහිපයක් යෙදවීමට කටයුතු කළ බව නාගරික රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී සුමිත් නිශ්ශංක මහතා පැවසීය.

හයිලෙවල් පාර, ගාලු පාර, කාසල් ස්ට්‍රීට්, ආයුර්වේද හන්දිය, ඩී එස් සේනානායක හන්දිය අතර කොටසේ මංතීරු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. එමෙන්ම ගාලු පාර සෙන් පීටර්ස් සිට බම්බලපිටිය හන්දිය දක්වා වූ ප්‍රදේශය බේස්ලයින් පාර සමන්තා හෝල් අසළ සිට බන්ධනාගාර හන්දිය දක්වා වූ ප්‍රදේශය සහ ශ්‍රී සංඝරාජ මාවත, පංචිකාවත්ත යන ප්‍රදේශ වලද මංතීරු ව්‍යාපෘතිය ක්‍රියාත්මක ය.

මංතීරු නීතිය ඉදිරියේ දී ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර මේ හේතුවෙන් කොළඹ නගරය තුළ රථවාහන කළමනාකරණය කිරීමට පොලිසිය බලාපොරොත්තු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *