ශ්‍රී ලංකාවේ ඇති ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කර දෙන්නැයි අගමැති මෝදිට ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් හා යාත්‍රා නිදහස් කර ගැනීම සඳහා කඩිනමින් රාජ්‍ය තාන්ත්‍රික පියවර ගැනීමට මැදිහත්වන ලෙස තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ඊ. පලනිස්වාමි, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඩෙකෑන් ක්රොනිකල් පුවත්පත වාර්තා කර ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා මෙම ඉල්ලීම කර ඇති බවය.

එහි පෙන්වා දී ඇත්තේ මේ වන විට තමිල්නාඩු ධීවර යාත්‍රා 135ක් ශ්‍රී ලංකාව භාරයේ පවතින බවය. 2015 වසරේ දී යාත්‍රා61ක්, 2016 වසරේ දී යාත්‍රා 53 සහ 2017 වසරේ දී යාත්‍රා 21ක් ශ්‍රී ලංකා අත්අඩංගුවේ පවති.

ධීවර යාත්‍රා දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීම හේතුවෙන් තමිල්නාඩු ධීවරයින් සිය ජීවිකාව කර ගෙන යා නොහැකිව දුෂ්කරතාවට පත්ව ඇති බව පලනිස්වාමි සිය ලිපියෙන් ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම මේ වන විට තමිල්නාඩු ධීවරයින් 11 දෙනෙකු ශ්‍රි ලංකා අත්අඩංගුවේ පසුවන අතර ඔවුන් සහ යාත්‍රා කඩිනමින් නිදහස් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන්ගේ අවධානය යොමු කරවන ලෙස තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × two =