ගත වූ මාස 05 තුළ ජංගමදුරකථන නිසා 20ක් දුම්රියට බිලි

(කොළඹ, ලංකාපුවත්) – ජංගම දුරකථන භාවිතා කර සෙල්ෆි ඡායාරූප ගැනීමට උත්සාහ දරන අවස්ථාවල දී දුම්රියේ ගැටීමෙන් පසුගිය මාස 05ක කාලය තුල පුද්ගල මරණ 20ක් වාර්තා වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම මරණ අතර බොහෝමයක් ජංගම දුරකථනවලින් ඇමතුම් ලබා ගෙන කතා කරමින් යන අවස්ථාවල දී දුම්රියේ ගැටීමේ සිද්ධි බව දුම්රිය ආරක්‍ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා පැවසීය.

ඔහු පැවසූමේ බොහෝ විට මොවැනි අනතුරු වාර්තාවන්නේ කොල්ලුපිටිය හා ගල්කිස්ස අතර දුම්රිය මාර්ගයේදී විශේෂයෙන් සති අන්තයේ දී බවය.

පසුගිය 11වනදා කොල්ලුපිටිය ප්‍රදේශයේදී ජායාරූප ගැනීමට යාමේ දී දුම්රියක ගැටීමෙන් අනුරාධපුර නව නගරයේ පදිංච් පවුලක සොහොයුරන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත් විය.

එසේම මීට පෙර චීන තරුණියක් දුම්රිය මැදිරියක පාපුවරුවේ සිට සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් අලුත්ගම ප්‍රදේශයේ දී දුම්රියේ වැටී මියගොස් තිබුණි.

මේ සියලු මරණ නොසැලකිල්ල නිසා සිදු වූ බවත්, අපරික්‍ෂාකාරී ලෙස දුම්රිය මාර්ගයේ ගමන් කිරීම නිසා සිදු වූ මරණ බවත් අනුර ප්‍රේමරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *