උතුරු පළාත් කෘෂිකර්ම හා අධ්‍යාපන ඇමතිවරුන්ට අස්වන ලෙස දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) – උතුරු පළාත් සභාවේ දූෂණ චෝදනා තහවුරු වූ අමාත්‍යවරුන් දෙදෙනාට සිය ධූරවලින් ඉවත් වන ලෙස උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා දැනුම් දී ඇත.

අද (14) පැවැති උතුරු පළාත් සභා රැස්වීමේදී ප්‍රධාන ඇමතිවරයා මෙම දැනුම් දීම සිදු කර තිබේ.

එලෙස ඉවත් වන ලෙස දැනුම් දී ඇත්තේ, උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය ටී. කුරුකුලරාසා සහ කෘෂිකර්ම අමාත්‍ය පුන්නුතුරෙයි අයින්ගරනේෂන් යන මහත්වරුන්ට ය.

දූෂණ චෝදනා එල්ල වී ඇති තව ත් අමාත්‍යවරුන් දෙදෙනෙකු පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක බව ද ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three + ten =