ජාතීන් අතර අන්තවාදය පතුරවන පිරිස් පිළිබඳ රජයෙන් විමර්ශනයක්

(කොළඹ, ලංකාපුවත්) – ජාතීන් අතර අන්තවාදය පතුරවන පිරිස් පිළිබඳ විමර්ශනය කර ඔවුන් පාලනය කිරීමට රජය කටයුතු කරන බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සදහන් කළේය.

මෙම අන්තවාදී පිරිස් යම් යම් අවස්ථාවලදී ප්‍රශ්නකාරී තත්ත්වයන් ඇති කරන බවත් එවැනි සිදුවීම් 16ක් මේවන විට වාර්තා වී ඇති බවත් හෙතෙම කියා සිටියේය. ඒ සිදුවීම් සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කරන බවත් රජය ඒ පිළිබඳ අධ්‍යයනය කරමින් හා විමර්ශනය කරමින් කටයුතු කරන බවද ලේකම්වරයා පැවසීය.

“සංහිඳියාවයි සංග්‍රාම ශක්තියයි“නමින් අද(14) දිනයේ පැවැත් වීමට නියමිත රණවිරු උපහාර සංස්කෘතික ප්‍රසංගය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

මේ වන විට රටේ ජනතාවට විවිධ අංශ තුළින් නිදහස හිමි වී ඇති බවත් එය භුක්ති විදිමින් මාධ්‍ය පවා සමහර අවස්ථාවලදී හැසිරමින් සිටින බවත් ලේකම්වරයා මෙහිදී වැඩි දුරටත් පැවසීය.

සමහර අවස්ථාවලදී පුවත් සිරස්තල සඳහා එවැනි ජාතිවාදී පුවත් ආකර්ශනීය වුවද එය තුළ වු යථාර්ථය එවැන්නක් නොවන බවත් කරුණාසේන මහතා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *