බංග්ලාදේශයේ ගංවතුරින් 107ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ගිනිකොණ දිග බංග්ලාදේශයේ අධික වැසි හේතුවෙන් ඇතිවූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් 107 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එහිදී ගලවා ගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටි හමුදා සාමාජිකයන් 5 දෙනෙකු ද මියගොස් ඇත.

නාය යෑම්වලින් වැඩිම හානිය සිදුව ඇත්තේ රංගමටි දිස්ත්‍රික්කයටය.

එම ප්‍රදේශයේ පමණක් නාය යෑම් නිසා 60 දෙනෙක් මියගොස් තිබේ. පවත්නා අධික වැසි සහිත කාලගුණය, ගලවා ගැනීමේ කටයුතුවලට දැඩි බාධාවක් වී ඇතැයි බලධාරීන් පවසන බව වාර්තා වේ.

බොහෝ නිවාස එහි සිටි පුද්ගලයන් සමගම නාය ගොස් ඇත.

එසේම පවත්වා දැඩි වර්ෂාව හේතුවෙන් බංග්ලාදේශයේ ඩකා අගනුවර සහ චිතගොන් නගරවල දැඩි මාර්ග තදබදයක් ද දක්නට ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen + nine =