බ්‍රිතාන්‍යයට ප්‍රංශයෙන් ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ගත් තීරණය යළි සළකා බලන්නැයි ප්‍රංශය, බ්‍රිතාන්‍යයෙන් ඉල්ලීමක් කර සිටියි.

ප්‍රංශයේ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රොන්, බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ සමග පැවැති සාකච්ජාවකදී මේ බව සදහන් කර ඇත.

යුරෝපා සංගමයෙන් ඉවත්වන ලෙසට බ්‍රිතාන්‍ය ජනතාව ලබාදුන් තීන්දුවට තමන් ගරු කරන බව මැක්‍රෝන් එහිදී පවසා තිබේ.

බ්‍රෙක්සිට් ක්‍රියාවලියට අදාළ නිල සාකච්ජා ලබන 19 වැනි දින ආරම්භවීමට නියමිතයෙ. ඊට ශක්තිමත් බහුතර බලයක් සහිතව සාකච්ජා කරා ප්‍රවේශවීමට තෙරේසා මේ තැබූ බලාපොරොත්තු බිඳ වැටුණි.

ඒ, ඉකුත් සතියේ පැවැති මහ මැතිවරණයෙන් බහුතර බලයක් ලබාගැනීමට ඇයට නොහැකිවීම හේතුවෙනි. බ්‍රෙක්සිට් ප්‍රවේශයේ කිසිදු වෙනසක් නැති බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලය ද සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − fourteen =