(කොළඹ, ලංකාපුවත්) – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් මන්නාරම නායාට්ටුවේලි හි මෙම වසරේ දී ඉදි කිරීමට යෝජිත ජල ජීවි කර්මාන්ත උද්‍යානයේ අක්කර 500ක ජලජීවි වගාව සඳහා ආයෝජනය කිරීමට ශ්‍රී ලංකා මත්ස්‍ය අපනයනකරුවන්ගේ සංගමය තීරණය කර ඇත.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග එම සංගමයේ නිලධාරින් සාකච්ඡා කළ අතර, එහිදී අමාත්‍යවරයා විසින් අක්කර 4000කින් සමන්විත යෝජිත ජලජීවි කර්මාන්ත උද්‍යානයේ මත්ස්‍ය වගාව සඳහා ආයෝජනය කරන ලෙස දේශීය ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලීමක් කළේය.
ඒ අනුව එම ජල ජීවි වගා උද්‍යානයේ අක්කර 500ක් ජලජීවි වගාව සඳහා යොදා ගැනීමට තම සංගමය සුදානම් බව ඔවුහු පැවසුහ. ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදනය සියයට 100 දක්වා වැඩි කිරීමට රජය විසින් ගෙන යන වැඩපිළිවෙළ යටතේ මේ වනවිට වැඩ කටයුතු අවසන් කර ඇති මඩකලපුව ජලජීවි වගා උද්‍යානය ද මෙම මස 29 දින අමාත්‍යවරයා අතින් විවෘත කිරීමට යෝජිතය.