මුදල් අක්‍රමිකතාවකට හිටපු ජනපතිගේ රියදුරු රක්ෂිත බන්ධනාගාරයට

(කොළඹ, ලංකාපුවත්) – අයථා මුදල් ගණුදෙණුවක් සහ රජයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියදුරු වශයෙන් කටයුතු කළ කපිතාන් තිස්ස විමලසේන නැමැත්තා මූල්‍ය අපරාධ කොට්ටාසය අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ(13)පෙරවරුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවනු ලැබූ ඔහු ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරුව කපිතාන් තිස්ස විමලසේන නැමැත්තා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. එහි දී සැකකරුව ලබන 27වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝල කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven + 19 =