ලන්ඩන් ගින්න : “ගොඩනැගිල්ල කඩා වැටේදැයි” සැකයක්

(කොළඹ, ලංකාපුවත්) – බටහිර ලන්ඩනයේ නිවාස සංකීරණයක ඇති වූ ගින්නත් සමඟ එය කඩා වැටේ යැයි බියක් මේවන විට පළ ව ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

උතුරු කෙන්සිංටන් ප්‍රදේශයේ පිහිටි මහල් විසිහතරකින් යුතු ග්‍රේන්ෆෙල් ගොඩනැගිල්ල වෙලාගත් ගින්නට එහි සිටි පුද්ගලයින් කොටුවී ඇති බව එහි තත්ත්වය ඇසින් දුටුවෝ පැවසුහ.

පුද්ගලයින් සිය ගණනක් පදිංචිව සිටියේ යැයි සැළකෙන එම ගොඩනැගිල්ලේ ගින්න මැඩ පැවැත්වීම සඳහා 200 ට අධික ගිනි නිවීම් භටයින් යොදවා ඇත.

30 ට අධික පිරිසක් රෝහල්වල ප්‍රතිකාර ලබන බව වාර්තාවේ.
“අතිශය අසීරු තත්ත්වයක් යටතේ ගින්න පාලනය කරගැනීමට ගිනි භටයින් දැඩි පරිශ්‍රමයක යෙදී සිටිනවා ” යැයි ලන්ඩන් ගිනි නිවීම් සේවයේ සහකාර කොමසාරිස් වරයා පවසා තිබේ.

කෙන්සිංටන් හා චෙල්සී නාගරික සභාවට අනුව අනතුරට පත් මහල් විසිහතරකින් යුතු ගොඩනැගිල්ල නිවාස ඒකක 120 න් සමන්විත ය.

පවුම් මිලියන් 10ක් වය කරමින් ක්‍රියාත්මක් වූ එහි අලුත්වැඩියාව නිම වුයේ පසුගිය වසරේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 + twelve =