ලන්ඩන් ගින්න : මරණ 06ක් – 50කට අධික පිරිසකට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – බටහිර ලන්ඩනයේ තට්ටු නිවාසයක පැතිර ගිය ගින්නෙන් පුද්ගලයන් 06දෙනෙකු මිය ගොස් ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

එසේම ලන්ඩන් ගිලන් රථ සේවාව පවසා ඇත්තේ 50 කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවය.

බ්‍රිතාන්‍ය වේලාවෙන් ඊයේ(13) මධ්‍යම රාත්‍රියේ එකට (01.00 AM ) පමණ තට්ටු නිවාසයක ආරම්භ වූ ගින්න නිවී යමින් ඇතත් තවමත් මඳ ගිනි දක්නට ලැබෙන බව වාර්තා වේ.

ගින්නට ගොදුරු වූ ග්‍රෙන්ෆෙල් (Grenfell Tower ) නිවාස සංකීර්ණය, තට්ටු 24 කින් සම්න්විත වේ. දැනට ප්‍රකාශිත තොරතුරු අනුව ගින්න ආරම්භ වී ඇත්තේ හතරවෙනි තට්ටුවෙනි.

ලන්ඩන් නගරාධිපති සදික් කාන් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ද නිවැසියන් බොහෝදෙනෙක් පිළිබඳව තවම තොරතුරු ලැබී නැති බවය.

නවවෙනි තට්ටුවේ පිහිටි නිවසක සිරව සිටි මවක් සිය දරුවා බේරා ගන්නා මෙන් ඉල්ලමින් ළදරුවා කවුළුවෙන්ම බිමට දැමූ අතර බිමසිටි පුද්ගලයෙක් දරුවා අල්ලා ගත්බව ඇසින් දුටු තැනැත්තෙක් පවසා ඇත.

ගින්නත් සමඟ පැතිර ගිය දුමාරය නිසා පඩිපෙළ ඔස්සේ එලියට පැමිණීම බොහෝ දෙනකුට දුෂ්කර වූ බව දිවිබේරා ගත් නිවැසියෝ පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 1 =