සංගාගෙන් තවත් වාර්තාවක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර වෘත්තීය ක්‍රිකට් තරග තුළ ශතක සියයක් වාර්තා කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වීමට ඊයේ (13) සමත් විය.

ඒ, රෝයල් ලන්ඩන් එක්දින ක්‍රීකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගයකදී යෝක්ෂයර් කණ්ඩායමට එරෙහිව ශතකයක් වාර්තා කරමිනි.

සරේ කණ්ඩායම නියෝජනය කළ කුමාර් සංගක්කාර මෙම තරගයේදී ලකුණු 121 ක් ලබාගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

සංගක්කාර පළමු පෙළ තරගවලදි ශතක 61 ක් වාර්තා කර ඇති අතර ඒ කාණ්ඩයේ තරගවලදි ශතක 39 ක් වාර්තා කර ඇත.

මීට පෙර මෙවැනි දක‍ෂතාවක් දක්වා ඇත්තේ ක්‍රීඩකයන් දෙදෙනෙකු පමණි.

එහි ප්‍රමුඛයා වන ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් වෘත්තීය තරගවලදි ශතක 142ක් රැස්කර ඇති අතර සහීර් අබ්බාස් ශතක 127 ක් රැස්කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven + thirteen =