බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි මහල් ගොඩනැගිල්ලක ගින්නක්

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි මහල් 24කින් නිවාස සංකීර්ණයක ගින්නක් හටගෙන තිබේ.

සිද්ධිය ඇසින් දුටුවන් පවසා ඇත්තේ විශාල ගිනා ජාලා තුළ නිවැසියන් සිරවී සිටින ආකාරය දක්නට ලැබුණු බවය.

බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත්තේ බටහිර ලන්ඩනයේ පිහිටි ගොඩනැගිල්ලක හටගත් ගින්න පැතිරීම පාලනය කිරීම සඳහා ගිනි නිවීම් සේවා විසින් ආසන්න ලැටිමර් මාර්ගය ද වසා දමා ඇති බව ය.

අද(14) අළුයම හටගත් ගින්න නිවා දැමීම සඳහා මේ වන විට ගිනි නිවන භටයින් 200 දෙනෙකු පමණ යොදවා ඇත.

ගොඩනැගිල්ල තුළ සිරවී සිටින පුද්ගලයින් මුදාගැනීමේ කටයුතු සිදුකෙරෙන අතර ගින්න සීග්‍රයෙන් පැතිරීම හේතුවෙන් එය කඩාවැටීමේ අවධානමක් ද මතුව තිබෙන බව මෙට්ට්‍රොපොලිටන් පොලීසිය සදහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *