හිටපු යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණෙයි

(කොළඹ, ලංකාපුවත්) – මූල්‍ය ගණුදෙනු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට යුද හමුදා බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් කපිල හෙන්ද්‍රාවිතාරණ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට අද(14) පැමිණ ඇත.

උදෑසන 09.00ට පමණ ඔහු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණ තිබේ.

කපිල හෙන්ද්‍රාවිතාරණ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත කැදවූ ප්‍රථම අවස්ථාව ද මෙය වේ.

මේ වනවිටත් ඔහුගෙන් අදාළ ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *