ක්‍රීඩා ඇමති ආසියානු මළල ක්‍රීඩා උළෙලට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ක්‍රීඩා අමාත්‍යය දයාසිරි ජයසේකර මහතා විසින් 22 වන ආසියානු මළල ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (14) හමුවිය.

ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායම මේවන විට කොළඹ 07 ටොරින්ටන් ක්‍රීඩාංගනයේ පුහුණුවීම් ආරම්භ කර ඇති අතර උදෑසන පුහුණු සැසිය අතරතුරදී මෙම හමුව සිදුවූ බව එම අමාත්‍යංශය සදහන් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුකරුවන් ඇතුළු සෙසු නිලධාරීන් ද මෙම හමුව සඳහා සහභාගි විය.

එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් මුහුණු දෙන ගැටළු ඍජුවම අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව උදාවිය. ආහාර පාන, පෝෂණ දීමනා ආදී ප්‍රශ්න එහිදි අමාත්‍යවරයා වෙත ඉදිරිපත් වූ අතර අමාත්‍යවරයා විසින් ඒ මොහොතේදීම අදාළ නිලධාරීන් සම්බන්ධ කරගෙන එම ගැටළු නිරාකාරණයට අවශ්‍ය පියවර ගනු ලැබීය.

ජුලි මස 06 වනදා සිට 09 වනදා දක්වා ඉන්දියාවේ බුබනේෂ්වර් ක්‍රීඩාංගණයේ මෙම තරගාවලිය පැවැත්වේ. ජුනි මස අග ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා දිනපතා උදෑසන ශරර සුවතාව සඳහා පාපැදි ධාවනයේ යෙදන අතර ඊයේ මෙම හමුව සිදුවූයේද එම කාලය අතරතුරය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − 6 =