ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට යළිත් වරෙන්තුවක්

(කොළඹ, ලංකාපුවත්) – නඩු දෙකකට පෙනී නොසිටීම හේතුවෙන් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය යළිත් වරෙන්තු නිකුත් කර තිබේ.

මීට අමතරව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයට පසුගියදා කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා මේ මස 22 කැඳවීමට අධිකරණය ඉකුත් 14 වැනිදා තීරණය කළේය.

ඒ, අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් සහ අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් යටතේ පෙත්සම ඉකුත් 14 වැනිදා කැඳවූ අවස්ථාවේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 − four =