පෙරහැර මංගල්‍යය සඳහා අලි ඇතුන් යොදා ගැනීම නතර කරන්නේ නැහැ – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – ඉතිහාසයේ සිට පැවත එන සංස්කෘතික උරුමයක් වන පෙරහැර මංගල්‍යය සඳහා අලි ඇතුන් යොදා ගැනීම කිසිවිටෙකත් නතර නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

ඇතැම් පිරිස් පවසන ආකාරයට, වසර දහස් ගණනක අපගේ හෙළ සිරිත් විරිත් වෙනස් කළ නොහැකි බව ද පෙන්වා දුන් ජනාධිපතිතුමා ශී‍්‍ර ලංකාවේ අභිමානවත් ඉතිහාසය සහ සම්ප‍්‍රදායන් ලොවට කියාපාන පෙරහැර මංගල්‍යය ඉදිරියේදී ද උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට රජයේ සියලූ අනුග‍්‍රහයන් ලබාදෙන බව ප‍්‍රකාශ කළේය.

ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මහනුවර දළදා මාලිගා පරිශ‍්‍රය ආශි‍්‍රත ඓතිහාසික දේවාලයන්හි කටයුතු පිළිබඳ ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

පෙරහැර සඳහා අලි ඇතුන් ලබා ගැනීමේදී මතුව ඇති දුෂ්කරතා නිසා පෙරහැර මංගල්‍යය පැවැත්වීමේ දී අසීරුතාවයන්ට මුහුණදීමට සිදුව ඇති බවට මෙහිදී දියවඩන නිලමේ ඇතුළු බස්නායක නිලමේවරුන් ජනාධිපතිතුමා වෙත කරුණු පෙන්වා දුන් අතර එහිදී ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ පින්නවල සහ ඇත් අතුරු සෙවණේ සිටින හිලෑ ඇතුන් ඒ සඳහා යොදා ගැනීමට අවශ්‍ය කටයුතු සොයා බලන ලෙසයි.

එමෙන්ම දැනට අධිකරණය භාරයේ සිටින පෙරහැර ස`දහා සුදුසු අලි ඇතුන් බැ`දුම්කරයක් මගින් පෙරහැර ස`දහා යොදා ගැනීමට අනුමැතිය ලබා ගැනීම පිළිබ`දව ද මෙහිදී අවධානය යොමු විය.

මහනුවර දළදා මාලිගා පරිශ‍්‍රය ආශි‍්‍රත ඓතිහාසික දේවාලයන්හි කටයුතු පවත්වාගෙන යාමේදී මතුව ඇති ගැටලූ පිළිබ`ද මෙහිදී නිලමේවරුන් කරුණු ඉදිරිපත් කළ අතර දේවාලවලට අයත් ඉඩම් නිරවුල් කර ගැනීම, දේවාල අලූත්වැඩියාවන් සහ නඩත්තු කටයුතු, පූජා භූමි ප‍්‍රදේශයේ කුණු ඉවත් කිරීමේ ගැට`ථ, බස්නායක නිලමේවරුන්ගේ ආරක්ෂාව සැපයීම ආදිය පිළිබ`දව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡුාවට ලක් විය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය ද, ශී‍්‍ර දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා ඇතු`ථ සතර මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන් මෙම සාකච්ඡුාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *