රිපබ්ලිකන් මන්ත්‍රීවරයෙකුට වෙඩි තැබූ තුවක්කුකරු ඝාතනය කරයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාර එල්ල කළ තුවක්කුකරුවෙකු ඝාතනය කර තිබේ.

වර්ජිනියා ප්‍රාන්තයේ ඇලෙක්සැන්ඩ්‍රියා ප්‍රදේශයේ උද්‍යානයක ඊයේ උදෑසන බේස් බෝල් ක්‍රිඩාවේ පුහුණුවේ නිරතව සිටි රිපබ්ලිකන් මන්ත්‍රී ස්ටීව් ස්කැලිස් ඉලක්කර කර අදාළ පුද්ගලයා වෙඩි ප්‍රහාර එල්ල කර ඇත.

එහිදී ස්ටීව් ස්කැලිස් මන්ත්‍රීවරයා ඇතුළු තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ. ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකු පොලිස් නිලධාරීන්වේ.

ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව වාර්තා වේ.

අනතුරුව පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරවලදී එම පුද්ගලයා මියගොස් තිබේ. ඔහු ඉලිනොස් ප්‍රදේශයේ පදිංචි ජේමිස් හොඩ්කිංසන් නමැති පුද්ගලයෙකු ලෙසයි හඳුනාගෙන ඇත.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ පිළිබද අදහස් දක්වමින් කියා සිටියේ මෙය ආමානුෂික එකක් බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight − 4 =