සහල්වල ප්ලාස්ටික් නොමැති බවට තහවුරු වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය දිනවල දැඩි ආන්දෝලනයකට තුඩු දුන් පාකිස්තානයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වන ලද බාස්මතී සහල් තොගයේ කිසිදු ආකාරයකින් ප්ලාස්ටික් අංශු අඩංගු වී නැති බව කාර්මික තාක්ෂණ ආයතනයේ විශේෂ විද්‍යාගාර පර්යේෂණවලදී තහවුරු වී ඇතැයි පාරිභෝගික අධිකාරිය පවසයි.

පාරිභෝගිකයන්ගෙන් ලැබුණු පැමිණිලි සලකමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගේ උපදෙස් මත සියලුම සතොස අලෙවි සල්වලින් අදාළ සහල් සාම්පල් ගෙන පරීක්ෂා කර තිබුණි.

එම කිසිදු සාම්පලයක ප්ලාස්ටික් අඩංගු නැති බව තහවුරු වී ඇති බව පාරිභෝගික අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පැවසීය.

එම සහල් මිනිස් පරිභෝජනයට සුදුසු බව තහවුරු වී ඇති බවත් එබැවින් ඒ පිළිබඳ කිසිදු අනියත බියක් ඇති කර නොගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් සභාපතිවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *