ඔබ වැඩිහිටියෙක්ද ? ඔබට ගැටළුවක්ද ? කරදරයක්ද ? 118 ට කියන්න

(කොළඹ, ලංකාපුවත්) – වැඩිහිටියන්ට ඇතිවන කරදර ගැටළු පිළිබඳව දැන්වීම සඳහා ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය යටතේ 24 පැයේම ක්‍රියාත්මක වන දුරකතන අංකය 118 පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ ප්‍ර‍චාරක ව්‍යාපාරය සමාජ සවිබලගැන්වීම් සුබසාධන හා කඳුරට උරුමයන් පිළිබඳ ඇමැති එස්.බී දිසානායක මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් අද (15) ආරම්භ විය.
කොළඹ මධ්‍යම බස් නැවතුම් පොලේදී බස් රථ වල ප්‍රචාරක ස්ටිකර් ඇලවීම සඳහා ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ නිලධාරීන් හා එක්වූ ඇමැතිවරයා පසුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් මෙරට වැඩිහිටියන් සඳහා ගෞරවනීය සමාජයක් ගොඩනැංවීමට ක්‍රියා කරන බව පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *