කොළඹ කුණු දින හතරකින් ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – දින කිහිපයක් තිස්සේ කොළඹ ගොඩගැසී ඇති අපද්‍රව්‍ය දින හතරක් ඇතුළත ඉවත් කිරීමට අදාළ අංශ පියවර ගත යුතු බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා උපදෙස් දී ඇත.ඇමැතිවරයා පෙන්වාදෙන්නේ රාජ්‍ය ආයතනවල කඹ ඇදීම් තුළින් මතුවන අහිතකර ප්‍රතිවිපාකවලට ජනතාවට පීඩාවක් වීමට ඉඩ නොතැබිය යුතු බවයි.

මේ ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා දැනුවත් කළ බවද රවී කරුණානායක මහතා පැවසීය. ඒ අනුව, ත්‍රිවිධ හමුදාව හෝ යොදවා අපද්‍රව්‍ය ඉවත් කිරීමට අදාළ අංශ පියවර ගත යුතු බව හෙතෙම පෙන්වාදෙයි.

අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳව පළාත් ප්‍රධාන ඇමැතිවරයා සහ රේඛීය අමාත්‍යාංශ අතර පවතින පරස්පතරතාවයන් හමුවේ ජනතාවට බලපෑමක් වීමට ඉඩ නොතැබිය යුතු යැයිද කරුණානායක මහතා වැඩිදුරටත් සදහන් කළේය.

ඊයේ (14) පෙරවරුවේ කොටහේන, කනපති හින්දු බාලිකා විද්‍යාලයේ, නව ගොඩනැගිල්ලට මුල්ගල තැබීම් සඳහා පැවැති උත්සව අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *