බැසිල්ගේ ලිත් නඩුව විභාගයට දින නියම කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදලින් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් නීති විරෝධී හා සාපරාධී මුදල් පරිහරණය යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවකට විරුද්ධව ගොනු කර ඇති නඩුව අද(15) යළි කැදවනු ලැබීය.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේදී එම නඩුව කැඳවූ අවස්ථාවේදී නොවැම්බර් මස 13 වනදා නඩුව විභාග කිරීමට දින නියම කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *