අමෙරිකාවෙන් ප්‍රහාරක ජෙට් යානා 36ක් කටාර් වෙත

(කොළඹ, ලංකාපුවත්) – කටාර් රාජ්‍යය සහ අමෙරිකා එක්සත් ජනපදය ඩොලර් බිලියන 12ක ගිවිසුමකට අත්සන් තබා ඇත.

අමෙරිකා ආරක්ෂක ප්‍රධානි ජිම් මාටිස් සහ කටාර් රාජ්‍යයේ නියෝජිතයා වොෂිංටන් නුවර දී හමුවීමෙන් අනතුරුව මෙම ගනුදෙනුව පිළිබඳව අවසන් තීරණයට එළැඹී තිබේ

මේ යටතේ අමෙරිකාවේ එෆ් – 15 ප්‍රහාරක ජෙට් යානා කටාර් රාජ්‍යය වෙත ලබාදීමට නියමිතය. ගිවිසුමෙන් ලබා දෙන ජෙට් යානා සංඛ්‍යාව 36කි. මේවා නවතම යානා බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දා කියා සිටියේ කටාර් රාජ්‍යය ත්‍රස්තවාදයට විශාල ලෙස ආධාර අනුබල දෙන බවය.

මීට අමතරව ත්‍රස්තවාදයට සහය දෙන බවට චෝදනා කරමින් රටවල් 6ක් කටාර් රාජ්‍යය සමග සබඳතා නවතා දමා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 − 4 =