ඉන්දියාවට කඩුලු 09ක ජයක්

(කොළඹ, ලංකාපුවත්) – අයි සී සී ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ ඉන්දියාව හා බංග්ලාදේශය අතර ඊයේ(15) පැවති දෙවන අවසාන පූර්ව තරඟයෙන් කඩුලු 09ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

රෝහිත් ශර්මා (නොදැවී 123) සහ විරාට් කෝලිගේ (නොදැවී 96) විශිෂ්ට පිතිහරඹයත් සමඟ ඉන්දියාව අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය.

මෙම තරගය බර්මින්හැම්හිදී පැවැත්විණ.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුලු 07ට ලකුණු 264 ක් ලබාගත්තේය.
ජයග්‍රහණය සදහා ලකුණු 265 ක ඉලක්කයක් හඹාගිය ඉන්දියාව ඕවර 40.1 කදී කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය පසුකිරීමට සමත්විය. දෙවැනි කඩුල්ල සදහා පන්දු 158 කදී ලකුණු 178 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීමට රෝහිත් ශර්මා සහ විරාට් කෝලී සමත්වූහ.

ඉන්දියාව සහ පාකිස්තානය අතර අවසන් මහ තරගය ලබන ඉරිදා (18) ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 + nine =