කැලණිය සරසවිය සතියක කාලයකට වසාදැමේ

(කොළඹ, ලංකාපුවත්) – කැලණිය විශ්වවිද්‍යාලය අද(16) සිට සතියක කාලයකට වසා දමා තිබේ. සිසුන් අතර උණ සහ පාචන රෝගී තත්ත්වයක් පැතිර යාම ඊට හේතුව බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පැවසීය.

ඒ අනුව අද(16) දිනයේ නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙස සිසුන්ට දැනුම් දී ඇත.

ලබන 27 වන දින අධ්‍යයන කටයුතු සඳහා විශ්වවිද්‍යාලය යළි විවෘත කරන බව කැළණිය විශ්වවිද්‍යාලයේ ලේඛකාධීකාරි ඩබ්ලිව්.එම්. කරුණාරත්න මහතා සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − eighteen =