ගායන ශිල්පී ප්‍රින්ස්ගේ රෝහල් ගාස්තු පියවීමට සංගීත ප්‍රසංගයක්

(කොළඹ, ලංකාපුවත්) – ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා පසුගිය දා අභාවප්‍රාප්ත වන විට ගෙවීමට තිබූ රෝහල් ගාස්තු පියවීම සඳහා වැඩපිළිවෙලක් ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා සහ කීර්ති පැස්කුවල්, මධු මාධව අරවින්ද ඇතුළු ශිල්පීන් පිරිසක් එක්ව මේ වන විට ආරම්භ කර ඇත.

90 දශකයේදී පමණ ප්‍රින්ස් උදය ප්‍රියන්ත සිය ගායන ජීවිතය ආරම්භ කළ ජාතික තරුණ සේවා සභාව වෙනුවෙන් නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා මෙලෙස රෝහල් ගාස්තු පියවීම සඳහා සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට නොමිලේ තරුණ සේවා සභාවේ පරිශ්‍රය මෙන්ම සංගීත කණ්ඩායම ද ලබා දෙන බව අද (16) දින එම ගායන ශිල්පින් සමඟ පැවති හමුවේදී පැවසීය.

එම සංගීත ප්‍රසංගය ලබන ජූලි මස 14 වන දින ගායක ගායිකාවන් 28 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *