නානුඔය ස්ථානාධිපති ඇතුළු 08කට ස්ථාන මාරු

(කොළඹ, ලංකාපුවත්) – නානුඔය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් 08දෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි.

ඊයේ(15) නානුඔය පොලිස් වසමේ සිදු වූ මාරක රිය අනතුරක් හේතුවෙන් ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඒ අනුව නානුශය පොලිස් ස්ථානාධිපති, පොලිස් කොස්තාපල්වරුන් 05දෙනෙකු සහ පොලිස් කොස්තාපල් රියදුරන් දෙදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය මූලස්ථාන පොලිසිය වෙත ස්ථාන මාරු කර තිබේ.

අදාළ රිය අනතුරින් වයස අවුරුදු 07ක පාසල් සිසුවියක මිය යාමත් සමග ප්‍රදේශයේ නොසන්සුත්තාවක් හටගැණුනි. අදාළ පාසල් සිසුවිය ඊයේ උදෑසන ලොරි රථයක ගැටී මිය ගිය අතර ඒ සමග නොසන්සුන් වූ පිරිසක් සිද්ධියට සම්බන්ධ ලොරි රථයට ගිනි තබා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *