අත්අඩංගුවේ ඇති ඉන්දීය ධීවර යාත්‍රා කොන්දේසි සහිතව මුදා හැරීමේ තීරණයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා මුහුදු සීමා උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත විමේ චෝදනා මත අත්අඩංගුවට ගැණුනු ඉන්දීය ධිවර යාත්‍රා, කොන්දේසි සහිතව නිදහස් කිරිමට තීරණය කර ඇති බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සදහන් කරයි.

අත්අඩංගුවට ගත් පිළිවෙල අනුව එම යාත්‍රා නිදහස් කිරිමට තීරණය කර ඇති බව අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ(15) පැවැති ධීවර උපදේශක සභාවේ රැස්විමට එක්වෙමින් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර ඇත.

ඉන්දු – ලංකා ධීවර ගැටළුව සම්බන්ධයෙන් පසුගිය වසරේ සිට මේ දක්වා පැවැති සාකච්ඡා ධනාත්මක ප්‍රතිඵල සහිත විම හේතුවෙන් ශ්‍රී ලංකා රජය විසින් ගත් නම්‍යශීලි තීරණයක් අනුව පළමුව 2015 වසරේදී අත්අඩංගුවට ගන්නා ලද ධීවර යාත්‍රා 42ක් නිදහස් කිරිමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මෙරට මුහුදු සීමාවට ඇතුළුවී බොටම් ට්‍රෝලින් ක්‍රමයට ධීවර කර්මාන්තයේ යෙදුන ඉන්දීය ධීවර යාත්‍රා 140ක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *