ලන්ඩන් ගින්න ගැන පූර්ණ පරීක්ෂණයක්

(කොළඹ, ලංකාපුවත්) – ලන්ඩන් නුවර ‘ග්‍රෙන්ෆෙල්’ තට්ටු නිවාස ගින්න සම්බන්ධයෙන් පූර්ණ විභාගයක් පවත්වන මෙන් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ (Theresa May) නියෝග කළාය.

විනිශ්චයකරුවෙකුගේ ප්‍රධානත්වයෙන් එම පරීක්ෂණය පැවැත්වෙන බවත් ඇය සඳහන් කළාය.

අගමැතිවරිය විසින් එම පියවර ගන්නා ලද්දේ එවැනි තවත් විපත් සිදුවිය හැකි බවට මහජන කෝපය පළ වෙමින් පවතින අතරයි.

තට්ටු නිවාස සංකීර්ණයේ ගින්නට හසු වී 17 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 30 කට වැඩි පිරිසක් රෝහල්ගතව සිටිති. එයින් 17 දෙනෙක් අසාධ්‍ය තත්වයෙන් පසුවෙන බව වාර්තා වේ.

ගින්නෙන් දිවි බේරාගත් කිසිවෙකුත් තට්ටු නිවාසයෙන් හමුවනු ඇතැයි විශ්වාස කළ නොහැකි බව පවසන ගිනි නිවන හමුදාව, මියගිය ඇතැම් පුද්ගලයන්ගේ මළ සිරුරු කිසිදින හමු නොවනු ඇති බවත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *