ජනමාධ්‍ය වෙත ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – සියදිවි නසා ගැනීමේ සිදුවීම් ජනමාධ්‍ය හරහා සහ සමාජ ජාල මාධ්‍ය මඟින් පළ නොකරන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් ඉල්ලීමක් කර සිටියි.

මෑත කාලයේදී මෙරට ළමුන් ඇතුළු තරුණ තරුණියන් දුම්රියට ගෙළ තබා සිය ජීවිතය අහිමි කර ගත් අවස්ථා පිළිබඳව ජනමාධ්‍ය හරහා මෙන්ම සමාජ ජාලා මාධ්‍ය හරහා බොහෝ අසන්නට දකින්නට ලැබුණි.

මෙවැනි සියදිවි නසා ගැනීමේ සිදුවීම් වලට ජනමාධ්‍ය හා ෆේස්බුක්, වෙබ් අඩවි ඇතුළු සමාජ ජාල මාධ්‍ය හරහා අනවශ්‍ය ප්‍රචාරයක් ලබාදීම මඟින් සිදු වන්නේ සමාජයෙන් යටපත් කළ යුතු සියදිවි නසා ගැනීමේ සිදුවීම් තවදුරටත් සමාජයේ ප්‍රචලිත වීම බව ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතීඥ මරිනි ද ලිවේරා මහත්මිය පෙන්වා දෙයි.

එමෙන්ම මෙවැනි කාරණා දිගින් දිගටම ජනමාධ්‍ය මඟින් ප්‍රචාරය වීම, ප්‍රශ්න සහගතව සිටින ඇතැම් පුද්ගලයන්ටසියදිවි නසාගැනීමටරුකුළක් සපයන්නකි. මෙය මනෝ විද්‍යාත්මකව සළකා බැලීමේදීද දක්නට ලැබෙන තත්වයකි.

විශේෂයෙන් යම් පුද්ගලයෙකුට මානසිකව අපහසුතා ගෙන දෙන කාරනා වෙතොත් ඒ පිළිබඳව උපදේශන සේවා ලබාගැනීමේ යාන්ත්‍රනයක්ද මෙරට තුළ ක්‍රියාත්මක වේ. ඒ සඳහා රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශයේද විවිධ ආයතන ක්‍රියාත්මක වේ.

වයස අවුරුදු 18ට අඩු අයෙකුට මනසට පීඩා ගෙන දෙන යම් ගැටළුවක් වෙතොත් එම ගැටළුව විසදා ගැනීම සඳහා සහය දීමට ජාතිකළමාආරක්ෂකඅධිකාරිය බැදී සිටී. ඒ වෙනුවෙන් ජාතිකළමාආරක්ෂකඅධිකාරිය තුළ මනෝසමාජීය ඒකකයක්ද ක්‍රියාත්මක වේ. එමෙන්ම ජාතිකළමාආරක්ෂකඅධිකාරියේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය නිලධාරීන් වෙතින්ද එම සහය ඕනෑම ළමයෙකුට ලබාගත හැකිය.

තමා මුහුණ දෙන විවිධ ගැටළු වලදී සිය ජීවිතයෙන් වන්දි නොගෙවා අවශ්‍ය උපදේශන සහය ලබාගැනීමට කටයුතු කරන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ළමුන් ඇතුළු සියළු ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *