ප්‍රංශ ජනපතිගේ පක්ෂය එරට මහ මැතිවරණය ජයග්‍රහණය කරයි

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන්ගේ පක්ෂය එරට මහ මැතිවරණය ජයග්‍රහණය කර ඇත.

ඡන්ද ගණන් කිරිම්වලට අනුව ඔහු නායකත්වය දරණ එන්මාෂ් පක්ෂය පාර්ලිමේන්තුවේ ආසන 577න් 300ට අධික සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මැතිවරණය ජයග්‍රහණය කිරීමත් සමග ජනාධිපතිවරයාට තවදුරටත් යුරෝපා සංගමයට පක්ෂව කටයුතු කිරීමට සහ ඔහුගේ ව්‍යාපාර හිතකාමි ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීමට ශක්තිමත් ජනවරමක් ලැබි ඇති බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.

මෙම මැතිවරණයේදී එරට ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂවලට අවම ඡන්ද සංඛ්‍යාවක් ලැබී තිබීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 1 =