ලන්ඩනයේ පදිකයින් පිරිසක් අතරට වාහනයක් ධාවනය කිරීමෙන්08කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – උතුරු ලන්ඩනයේ ෆින්ස්බරි පාර්ක් ප්‍රදේශයේදී පදිකයින් පිරිසක් මතින් වාහනයක් ධාවනය කිරීම හේතුවෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.

උතුරුදිග ලන්ඩනයේ ෆින්ස්බර් උද්‍යාන මුස්ලිම් පල්ලිය ආසන්නයේ සෙවන් සිස්ටර්ස් මාර්ගයේ දී අදාළ සිද්ධිය අද අලයම වාර්තා විය.

මෙම සිද්ධියෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් 08දෙනෙකු මිය ගොස් ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

උතුරු ලන්ඩනයේ ෆින්ස්බරි පාර්ක් ප්‍රදේශයේ පදිකයින් පිරිසක් අතරට වාහනයක් ධාවනය කළ සිද්ධිය සම්බන්ධයෙන් 48 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මුස්ලිම් පල්ලියක් අසළ මාර්ගයේ රැස්ව සිටි කිහිප දෙනෙකු යට කරගෙන යාමට සැකකරු උත්සාහ කර තිබුණි.

මෙය සංවිධානාත්මක ලෙස සිදුකළ අනතුරක් බව බ්‍රිතාන්‍ය බලධාරීන් සදහන් කර ඇත.

රාමලාන් උපවාස අවසන් කිරීමට මුස්ලිම් පල්ලියට පැමිණි පිරිසක් ඉලක්ක කරගෙන මෙය සිදුව තිබේ. සිද්ධියෙන් අනතුරුව ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට ද පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − 5 =