ලන්ඩනයේ මහල් නිවාස ගින්නෙන් අතුරුදන්වූවන් ජීවිතක්ෂයට පත්වූ අය ලෙස සැලකේ

(කොළඹ, ලංකාපුවත්) – ලන්ඩනයේ මහල් නිවාස සංකීර්ණයේ ඇති වූ ගින්නෙන් අතුරුදන්වූවන් ජීවිතක්ෂයට පත්වූ අය ලෙස සැලකීමට බ්‍රිතාන්‍ය පොලිසිය තීරණය කර තිබේ.

ලන්ඩනයේ ග්‍රෙන්ෆෙල් ටවර් නිවාස සංකීර්ණයේ ඇති වූ ගින්නෙන් මේ වන විට පුද්ගලයින් 58දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි අනාවරණය කර ඇත.එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව එරට පොලිසිය විශ්වාසය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අතර ගින්නෙන් අතුරුදන්වූවන් ජීවිතක්ෂයට පත්වූවන් ලෙස සැලකීමට බ්‍රිතාන්‍ය පොලිසිය තීරණය කර ඇත.

විපතට පත්වූ පවුල්වලට ප්‍රමාණවත් සහන කඩිනමින් ලබාදීමට නොහැකි වූ බව බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ ප්‍රකාශ කර තිබේ. අගමැති නිල නිවසේ මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවක දී ඇය වැඩිදුරටත් කියා සිටියේ ඒ පිළිබද කඩිනම් පියවර ගැනීමට කටයුතු කරන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 − one =