ලැව්ගිනිවලින් මියගිය අය සිහිකර පෘතුගාලයේ දින තුනක ශෝක කාලයක්

(කොළඹ, ලංකාපුවත්) – ලැව්ගිනිවලින් විශාල පිරිසක් මියයෑමෙන් අනතුරුව පෘතුගාල රජය දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇත.

ලැව්ගිනි හේතුවෙන් පෘතුගාලයේ මිය ගිය සංඛ්‍යාව 61කට අධිකය. පෘතුගාලය පුරා ලැව්ගිනි 156ක් පමණ ව්‍යාප්තව තිබේ.

ඒවා පාලනය කිරීමට 1600කට අධික ගිනි නිවන භටයන් පිරිසක් දැඩි පරිශ්‍රමයක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ. ඊට වාහන 400ක් හා ගුවන් යානා 18ක් ද යෙදවාගෙන ඇත.

අකුණු ගැසීම්වලින් ලැව් ගිනි හටගෙන ඇති බව එරට අග්‍රාමාත්‍ය ඇන්ටෝනියෝ කොස්තා පවසා ඇත.

පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ලැව් ගිනි ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට හේතු වී තිබෙන බව සදහන් වේ.

50කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි බලධාරීන් සදහන් කර ඇති අතර පුද්ගලයන් රැසක් අතුරුදන්ව තිබේ.

එබැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහල යා හැකි බව විශ්වාස කෙරේ. මිය ගිය අය අතර ළමුන් සිව් දෙනෙකු ද සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − 7 =