හෙට මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වැඩවර්ජනයක්

(කොළඹ, ලංකාපුවත්) – ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය රියදුරන් සහ දුම්රිය නියාමකවරුන් හෙට(20) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

බඳවා ගැනීම්, උසස්වීම් සහ වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසදුම් ලබාදීමට පාලන අධිකාරිය අපොහොසත්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් දුම්රිය බලධාරින්ට ලිඛිතව දැනුම්දී ඇති බවද ඒ මහතා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *