ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එමින් තිබූ තාරකා ඉබ්බන් 2089 ක් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – කල්පිටිය, ඉප්පන්තිව් සහ සින්න අරිච්චාල් අතර මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ඩිංගි යාත්‍රාවක් මගින් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එමින් තිබූ ජීවී තාරකා ඉබ්බන් 2089 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය 17වනදා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්, තාරකා ඉබ්බන්, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ආම්පන්න කල්පිටිය, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට රැගෙන ඒමෙන් අනතුරුව, ඉදිරි නීතිමය කටයුතු සඳහා සින්නපාඩු රේගු නිලධාරී කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *