පරාජයත් සමඟ ඉන්දීය ක්‍රීඩාලෝලීන් වියරු වැටෙයි

(කොළඹ, ලංකාපුවත්) – අයි සී සී ශුරයන්ගේ කුසලාන අවසන් මහා තරඟයේ දී ඉන්දීය කණ්ඩායම ඊයේ(18) ලද දැවන්ත පරාජයත් සමඟ ඉන්දීය ක්‍රීඩාලෝලීන් වියරු වැටී රුපවාහිනී යන්ත්‍ර විනාශ කරන අයුරු විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.

මේ අතර ඊයේ පැවති තරගයෙන් පසුව ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝණිගේ රංචිවල පිහිටි නිවසට පොලිස් ආරක්ෂාව යොදා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

එසේම ඇතැමුන් ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ පෝස්ටර් ගිනි තබා ඇත. විරාට් කෝලි, අශ්වින් සහ යුවරාජ් සිං යන අයගේ පෝස්ටර් මෙහිදී පුළුස්සා ඇතැයි වාර්තා වේ.

බොහෝ දෙනා ක්‍රිකට් කණ්ඩායමට එරෙහි සටන් පාඨ කියමින් මාර්ගවල ගමන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *