ආපදාවෙන් අවතැන් වූ සෑම පවුලකටම රු. 10,000 බැගින් වන්දි අත්තිකාරම් මුදලක්

(කොළඹ, ලංකාපුවත්) – ආපදාවෙන් අවතැන් වූ සෑම පවුලකටම රුපියල් දස දහස බැගින් වන්දි අත්තිකාරම් මුදලක් ගෙවීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

නිවාස අහිමි වූවන්ට මසකට රුපියල් 7500 බැගින් නිවාස කුළී දීමනාව ඥාති නිවසක සිටිය ද ලබා දීමට කටයුතු කරන බව ඇමතිවරයා කියා සිටියේය.

අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා මේ අදහස් පළ කරන ලද්දේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.

රත්නපුර දිස්ත්‍රික්කයේ ආපදාවට පත්වූවන් වෙනුවෙන් ලබාදෙන සහන කටයුතු සම්බන්ධයෙන් එම සාකච්ඡාව පැවැත්වුණි.

ආපදාවට පත්වූවන් සඳහා ගෙවන සහනාධාර මුදල රත්නපුර දිස්ත්‍රික්කයේ සියලු දෙනාට මේ සතිය තුළ ගෙවා අවසන් කළ හැකි බව දිසා ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය එහිදී සදහන් කළාය.රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල එකොළහක ප්‍රයෝජනය සඳහා විදුලි උත්පාදන යන්ත්‍ර බෙදා දීම ද සිදු කෙරුණි.

දිස්ත්‍රික්කයේ මැතිඇමතිවරුන් , රාජ්‍ය නිලධාරීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 + six =