ආපදාවෙන් පීඩාවට පත් උසස් පෙළ සිසුන්ට 4 වරක් අවස්ථාව

(කොළඹ, ලංකාපුවත්) – ආපදාවට ලක්වූ ප්‍රදේශවල සිටින මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ට අවස්ථා 04කදී එම විභාගයට පෙනී සිට සරසවි වරම් ලැබීමට හැකියාව පවතින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

කොළඹ ඊයේ(19) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

සාමාන්‍යයෙන් සරසවි වරම් හිමිකරගත හැක්කේ තුන්වරක් උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පමණි.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ උසස් පෙළ විභාගය කල් දැමීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 3 =