උතුරේ අකටයුතුකම් මඩින්නැයි අලුත් නියෝජ්‍ය පොලිස්පතිට උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – හිටපු උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජය ධර්මරත්න මහතාගේ නික්ම යාමෙන් පසු ඇති වූ පුරප්පාඩුව සදහා නව උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් පත් වූ රොෂාන් ප්‍රනාන්දු මහතා පසුගියදා සිය වැඩ භාර ගත්තේ ය.

වැඩ භාර ගැනීමෙන් පසුව ඔහු ප්‍රථම වතාවට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාව, උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී හමු විය.

නව උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සමග සුහද කතාබහක නිරත වූ ආණ්ඩුකාරවරයා, නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට උතුරු පළාත තුළ දැනට පවතින අකටයුතුකම් මැඩ පැවැත්වීමට හා මහජනතාව මාර්ග ධාවනයේදී සිදු කරනු ලබන අකටයුතුකම් නිසි ක්‍රමවේදයකට හා නීත්‍යානුකුලව සිදු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට වැඩි අවධානයක් යොමු කරන ලෙස දැනුවත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *