තිස්ස අත්තනායකට දුව බැලීමට අවසර

(කොළඹ, ලංකාපුවත්) – විදෙස් ගමන් තහනමකට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාට ඕස්ට්‍රේලියාවට යාම සඳහා මහාධිකරණය අද(20) අවසර ලබා දුන්නේය.

පසුගිය ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ව්‍යාජව සැකසූ ලේඛනයක් සත්‍ය ලේඛනයක් ලෙස ඉදිරිපත් කිරීමේ චෝදනා යටතේ අධිකරණය විසින් පනවා තිබූ විදෙස් ගමන් තහනම අද මහාධිකරණය විසින් නැවත සළකා බැලූ අවස්ථාවේදී මෙම අවසරය ලබා දී ඇත.

තිස්ස අත්තනායක මහතා ඕස්ට්‍රේලියාවේ සිටින ඔහුගේ දියණිය බැලීමට යාම සඳහා මෝසමක් මගින් මහාධිකරණයෙන් අවසර ඉල්ලා තිබුණි.

ඒ අනූව මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් මේ මස 23 වනදා සිට ලබන මස 12 වනදා දක්වා විදෙස් ගතවීමට අද අවසර ලබා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 − 3 =