ශූරයන්ගේ කුසලාන පිලේ ශ්‍රී ලංකාවේ කවුරුත් නැහැ

(කොළඹ, ලංකාපුවත්) – අයිසීසී ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී දස්කම් දැක්වූ දක්ෂතම ක‍්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ICC ය විසින් ප‍්‍රකාශයට පත් කර තිබේ.

එම කණ්ඩායමේ නායකත්වය පාකිස්තානයේ සෆ්රාස් අහමඩ්ට හිමිව ඇති අතර සාකාර් සාමාන්, ජුනයිඩ් ඛාන් සහ හසන් අලි යන පාකිස්ථාන ක‍්‍රිඩකයින් ද සංචිතයන්ට ඇතුළත්ය.

මෙම කණ්ඩායමට කිසිඳු ශ‍්‍රි ලාංකික ක‍්‍රිඩකයෙකු ඇතුළත් නොවීම විශේෂත්වයකි.

තවද ඔස්ටේ‍්‍රලියානු සහ දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩකයන් කිසිවෙකුත් මෙම කණ්ඩායමට ඇතුළත්ව නොමැත.

ඉන්දියාවෙන් නම් කර ඇත්තේ විරාත් කෝලි, ශිකර් දවාන් සහ බුවනේෂවර් කුමාර් පමණි.එංගලන්ත ක‍්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළත් කොට ඇති මෙම කණ්ඩායමට බංග්ලාදේශයේ තමීම් ඉක්බාල් ද ඇතුළත්ව සිටි.

මෙවර ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දක්ෂතා අනුව මෙම කණ්ඩායම ICC ය විසින් ප‍්‍රකාශයට පත් කර තිබේ.

එම නාමාවලිය පහත පරිදි වේ.

Shikhar Dhawan (India)
Fakhar Zaman (Pakistan)
Tamim Iqbal (Bangladesh)
Virat Kohli (India)
Joe Root (England)
Ben Stokes (England)
Sarfraz Ahmed (Pakistan)
Adil Rashid (England)
Junaid Khan (Pakistan)
Bhuvneshwar Kumar (India)
Hassan Ali (Pakistan)
Kane Williamson (New Zealand)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve + 5 =