ජල ගැල්මෙන් විපතට පත් ජනතාවට නොමිලේ පැමිණිලි පිටපත්

(කොළඹ, ලංකාපුවත්) –  ජල ගැලීම්වලින් සහ නායයෑම්වලින් විපතට පත් ජනතාව වෙත නොමිලේ පැමිණිලි පිටපත් නිකුත් කිරීමට පියවර ගන්නා බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

ඒ අනුව පසුගිය මැයි මස 25වනදා සිට දිවයිනට බලපෑ අධික වැසි සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවූ ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් මිය ගිය, අතුරුදන් වූ පුද්ගලයන්, නිවාස හා දේපළ විනාශ වීම් හා වටිනා ලියකියවිලි විනාශ වීම් සම්බන්ධයෙන් ප්‍රාදේශීය පොලිස් ස්ථාන වෙත කරනු ලබන පැමිණිලි වෙුවෙන් පිටපත් නිකුත් කිරීමේ දී එම පැමිණිලි පිටපත් නොමිලේ නිකුත් කෙරෙනු ඇත.

නීතිය සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් මීට අදාළව අනුමැතිය ලබා දී ඇතැයි පොලිස් මූලස්ථානය පැවසීය.

ඒ අනුව එවැනි පැමිණිලි පිටපත් නිකුත් කිරීමේ දී නොමිලයේ නිකුත් කිරීමට කටයුතු කරන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් සියළු පොලිස් ස්ථාන වෙත උපදෙස් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *