තබ්බෝව සංචාරක කලාපය ලබන වසරේ විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – පුත්තලම තබ්බෝව සංචාරක කලාපය 2018 වසරේදී දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් විවෘත කිරීම රජයේ බලාපොරොත්තුව බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

තබ්බෝව ජලාශය හා තබ්බෝව අභය භූමිය කේන්ද්‍ර කර ගනිමින් මෙම කලාපය ආරම්භ කිරීම රජයේ සැලසුමයි. නීලබැම්ම පරිසර පද්ධතියද මෙම කලාපයට ඇතුලත් කිරීමට පියවර ගෙන තිබේ.

මෙම ව්‍යාපෘතියට සමගාමීව තබ්බෝව ගොවි ජනපදය ඇතුළු ඒ අවට ප‍්‍රදේශ සංවර්ධනය කිරීමට ද සැකසුම් සකස් කර ඇති බවයි අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේ. ඩී. එස්. සේනානායක අග‍්‍රාමාත්‍යවරයා විසින් ආරම්භ කරන ලද පළමු ගොවි ජනපදය ලෙස සැලකෙන්නේද තබ්බෝව ගොවි ජනපදයයි. ඩී. එස්. සේනානායක අග‍්‍රාමාත්‍යවරයාට ගෞරවයක් ගෙන දීමටද මෙම ව්‍යාපෘතිය මගින් ඉඩ ලැබෙන බවද අමාත්‍යවරයා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ අදාළ ව්‍යාපෘතිය සැලසුම් කිරීම පිළිබඳ ආණමඩුව පිහිටි පෞද්ගලික කාර්යාලයේදී නිලධාරීන් පිරිසක් සමඟ පැවැති සාකච්චාවකදීයී.
තල්මසුන් ඇතුළු මත්ස්‍යයින් පිළිබඳ අධ්‍යනය කිරීමටත්, පරිසරය හා වන සතුන් පිළිබඳ ගවේෂණය කිරීමටත් අවස්ථාව උදා වීම මගින් තබ්බෝව සංචාරක කලාපය වඩාත් වැදගත් ව්‍යාපෘතියක් බවට පත්වනු ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

විනොදාස්වාදය හා වඩාත් සුවපහසු පරිසරයක ආස්වාදය විද ගැනීමටද සංචාරකයින්ට මෙහිදී අවස්ථාව උදාවෙයි.

මෙම ව්‍යාපෘතියේ විශේෂත්වය වන්නේ පරිසරයට කිසිදු හානියක් සිදු නොවන පරිදි ව්‍යාපෘතිය සැලසුම් කර තිබීමයි. අති දුෂ්කර ප‍්‍රදේශයක් වන ආණඩුව ඇතුළු පුත්තලම දිස්ත්‍රික්කයේ බොහෝ ප‍්‍රදේශවල ජනතාවගේ ආර්ථිකය සවිබල ගැන්වීමේ ව්‍යාපෘති රැසක්ද මේ යටතේ ක්‍රියාත්මකයි. රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේ 2019 වසර වන විට පුත්තලමේ ප‍්‍රදේශ රැසක් පරිසර හිතකාමී ආර්ථික කලාපයක් බවට පත්වනු ඇති බවයි.

කටුනායක ගුවන් තොටුපලේ සිටි පැය දෙකක් වැනි කාලයකින් ලගා වීමට ඇති හැකියාව හේතුවෙන් තබ්බෝව සංචාරක කලාපය පිහිටුවීම ඉතා වැදගත් කාරණයක් වනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *