දුම්රිය රියදුරන් සහ නියාමකයින් අඛණ්ඩ වර්ජනයක

(කොළඹ, ලංකාපුවත්) – ඉල්ලීම් කිහිපයන් මුල්කරගනිමින් දුම්රිය රියැදුරන් හා නියාමකයන් අද ( 20 ) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වර්ජනයක යෙදෙන බව ලොකොමොටිව් ඔපරේටින්ඉංජිනියර් යුනියන් හි ප්‍රධාන ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසිය.

මේ වර්ජනයට දුම්රිය නියාමකයන්ගේ සංගමයද එක්වේ.

රියැදුරු සහායකයන් බඳවා ගැනීමේ පරිපාටි යට දුම්රිය ආරක්ෂක නීතිවලට අනුකුල නොවන කරුණු ඇතුළත් කර තිබිම, රියැදුරු විශේෂ ශ්‍රේණියේ උසස්විම් වසර 17 ක් පුරා ලබානොදීම, රියැදුරු ශ්‍රේණියේ වැටුප් විෂමතා නිවැරදි නොකිරීම, සහකාර ප්‍රවාහන අධිකාරි (යාන්ත්‍රික ) බලශක්ති සංරක්ෂණ හා දිස්ත්‍රික් බඳවා ගැනීම් නොකිරිම, හා 2017 රියැදුරු නව පත්විම් ලිපිවල විශ්‍රාම වැටුප් කොන්දේසි නොවිම මෙම වර්ජනය කිරිමට හේතුවන බව දොඩංගොඩංගොඩ මහතා පැවසිය.

මේ පිළිබඳ අවස්ථා ගණනාවක් ඉල්ලිම් කර ඇතත් බලධාරින්ගේ අවධානය මෙයට යොමු නොවු බවත් එම නිසා වර්ජනය සිදුකරන බවත් ඒ මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *